Gossips

එච්.අයි.වී. කථාවක් නිසා පාසල අහිමිවූ දියණිය ගැන වාර්තාවක් කැඳවයි

මවට එච්.අයි.වී. ආසාදනය වී ඇති බව පවසමින් දැරියකගේ පාසල් ගමන අවහිර කිරීමේ සිද්ධිය පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්තාවක් කැඳවා තිබෙනවා.
ඒ, ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා මගින්.
අදාළ දැරිය ගම්පහ – ගනේමුල්ල කුඩාබොල්ලත ශ්‍රී සුමංගල විදුහලේ අධ්‍යාපනය ලබන අතර, එහි බලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය 20 වන දා සිට යළි තම දියණියගේ පාසල් ගමන අඩාල වී ඇති බවයි මව ප්‍රකාශ කළේ.
ඊට විරෝ්ධය පළ කර ගම්පහ අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිට දී මව, සුළු මව සහ දියණිය වෙස් මුහුණු පැළඳ විරෝධතාවක ද නිරතවුණා.
මීට පෙරද මෙම දැරියට අදාළ තත්ත්වය හේතුවෙන් පාසල් යාමට නොහැකිවී තිබුණා.