Gossips

මත්පැන් සහ මධ්‍යසාර බදු ඉහළට

මත්පැන් සහ මධ්‍යසාර නිෂ්පාදන වෙත ජාතිය ගොඩනැගීමේ බද්ධ පැනවීමට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා.
මත්පැන්වලට පනවා ඇති අනෙකුත් බදුවලට අතිරේකවයි මෙම බද්ධ පනවා ඇත්තේ.
2018 අය වැය මඟින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
මීට අමතරව භාණ්ඩ හා සේවා කිහිපයක් මත පනවා තිබු ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුනා.
ඒ අනුව,
1. කෘෂිකාර්මික කටයුතු සඳහා උසස් තාක්ෂණය යොදා ගැනීමේ අරමුණින් හරිතාගාර, පොලි ටනල්ස් හා හරිතාගාර ඉදිකිරීම සඳහා භාවිතා වන උපාංග
2. පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන
3. කපා ඔප දමා ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් ආනයනය කරනු ලබන මැණික් ගල්
4. ඔරු පැදීම, කයාක්ස්, කයිට් සර්ෆින්ග්ස්, කිමිදීම ආදී ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය මෝටර් මගින් ක්‍රියාත්මක නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග
5. එල්ලී යන ග්ලයිඩර්, බැලුන, පැදවිය හැකි ගුවන්යානා (ඩිරිජිබර්), පැරෂුට්, පැරා – ග්ලයිඩර් ආදී ගුවන් ක්‍රීඩා සඳහා අවශ්‍ය බල ගැන්වීම් අවශ්‍ය නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග
6. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය මගින් සපයනු ලබන සේවාවන්
සඳහා පනවා තිබු ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කෙරෙනු ඇති.