Gossips

රාත්‍රී 10 ට පෙර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 10 ට පෙර අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත පවසනවා.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණා.