Gossips

විශ්වාසභංගයේ ඡන්දය නාමිකව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයේ ඡන්ද විමසීම ඉලෙක්ටි‍්‍රක් ක්‍රමයට සිදුනොකර, නාමිකව විමසීමට අද (28) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
ඊට එක්වූ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
ඒ අනුව, විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම ලබන 04 වනදා රාත්‍රී 9.30 ට සිදුකිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.