Gossips

රටවල් කිහිපයක් හදිස්සියේම දැඩි තීරණයක් ගනී

රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය වර්ජනය කිරීමට රටවල් හයක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ එම තරඟාවලියට බ්‍රිතාන්‍ය රාජකීයන් හෝ නිලධාරීන් හෝ සහභාගී නොවන බවට බ්‍රිතාන්‍ය නිවේදනයක් නිකුත් කිරීමත් සමඟයි.
බ්‍රිතාන්‍ය මෙලෙස නිවේදනය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජීවත් වූ රුසියානු රහස් ඔත්තු සේවා නිළධාරියාට සහ ඔහුගේ දියණියට වස දීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ලවීමත් සමඟයි.
ඔවුන්ගේ මෙම තීරණයට සහය පළකරමිනුයි තවත් රටවල් හයක් මෙවර රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය වර්ජනය කිරීමට තීරණය කර ඇත්තේ.
ඒ අනුව අයිස්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ජපානය මෙලෙස වර්ජනය කර ඇති රටවල් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර අදාළ රටවල් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙවර පාපන්දු ලෝක කුසලානය රාජ්‍ය තාන්ත්‍රිකව වර්ජනය කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම රටවල් වලට අමතරව තවත් රටවල් ඉදිරියේදී ජුනි 14 සිට 15 වනදා දක්වා පැවැත්වෙන මෙවර ලෝක කුසලානය වර්ජනය කිරීමට පියවර ගනු ඇති බවයි.