Gossips

මාළිගාවත්තේදී වෙඩි වැදීමෙන් මියගිය තැනැත්තා හඳුනාගනී

මාළිගාවත්ත – අලාමා ඉක්බාල් මාවතේ තිබියදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය සොයාගත්තා.
ඊයේ (27) රාත්‍රී 8.30 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 31ක පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
ඒ ආසන්නයේ ත්‍රිරෝද රථයක්ද නවතා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
මොහු සාහුල් හමීඩ් මොහොමඩ් නිප්රාස් නොහොත් 'නිප්පු' යන තැනැත්තා බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) දින සිදුකිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.