Gossips

විශ්වාසභංගය ගැන සාකච්ඡාවට පක්ෂ නායකයින් අද රැස්වෙයි

අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ විවාදය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා.
පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වන මෙම පක්ෂ නායක රැස්වීමේදී විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පැවැත්වෙන ආකාරය සහ කාලය වෙන් කිරීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර මාතර – වැලිගම ප්‍රදේශයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ තම පක්ෂය යළි ජයග්‍රහණය කරා යාමට නම් ජනතාවට ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටුකළ යුතු බවයි.