Gossips

අගමැතිගේ ආර්ථික කළමනාකරණ කමිටුව, ජනපති අහෝසි කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (27) පැවැති කැබිනට් රැස්වීමේදියි.
ආර්ථික කළමනාකරණ කමිටුවෙන් පසුගිය කාලයේ රටට ඵලදායී කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබුණා.
මෙම කමිටුව පවත්වාගෙන යාම අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු කැබිනට් රැස්වීමේදී සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණත්, ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන බවයි.
ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු, තීරණ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එසේ අමාත්‍ය මණ්ඩලය තුළ දීර්ඝව සාකච්ඡා කර තීන්දු ගත යුතු කාරණයක් වේ නම්, එය කැබිනට් අනු කමිටුවක් මගින් සාකච්ඡා කර තීරණය කළ හැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.