Gossips

මාලිගාවත්තේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

මාලිගාවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද රාත්‍රී 8.30 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇතැයි සඳහන්.
මියගොස් ඇත්තේ තරුණයෙක් වන අතර ඔහුගේ වයස අවුරුදු 25 ක් පමණ වන බවයි පොලිසිය කියාසිටියේ.
මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබෙනවා.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් අනාවරණ වී නැහැ.
මාලිගාවත්ත පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.