Gossips

ඩ්‍රෝන යානයක් නිසා ගුවන් නියමුවෙක් බියවෙයි

විනෝදයට භාවිත කළ ඩ්‍රෝන් යානයක් අඩි 17 ක් තරම් දුරකට ලංවීම හේතුවෙන් ගුවන් යානයක නියමුවා කලබලයට පත්වීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජපානයේ ටෝකියෝ නුවර සිට නවසීලන්තයේ ඔක්ලන්ඩ් බලා පැමිණි යානය ගොඩබැස්වීමට සුදානම් වෙමින් සිටි අවස්ථාවේ යි ඩෝන යානය ගුවන්යානය අසලට පැමිණ ඇත්තේ.
එය යානයට වඩාත් ළංවීම හේතුවෙන් එංජිම තුලට ඇදගනු ඇති බවට නියමුවා බියට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් එමගින් යානයේ ගොඩබැස්වීමට කිසිදු බාධාවක් සිදුවී නැහැ.
ගොඩබැස්වීමෙන් පසු ගුවන්යානයේ විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
ඩ්‍රෝන යානය ගුවන්යානයේ එංජිමට ඇතුලුවී නැති බවටයි එහිදී තහවුරු වී ඇත්තේ.
එමෙන්ම මෙම ඩ්‍රෝන යානය හසුරුවනු ලැබුවේ කවුරුන් ද යන්න පිළිබඳව ද මෙතෙක් හෙළිවී නැහැ.