Gossips

කොළඹ මහ නගර සභාවට නිදහස් සන්ධානයෙන් තේරිපත් වූ නව මන්ත්‍රීවරු දිවුරුම් දෙයි

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ නව මන්ත්‍රීවරුන් අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව නව මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් 11 දෙනෙක් මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.