Sports

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්ගේ වාර්තාව සම කළ ස්ටීවන් ස්මිත්

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්ගේ වාර්තාව සම කළ ස්ටීවන් ස්මිත්
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්ගේ වාර්තාව සම කළ ස්ටීවන් ස්මිත්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා සඳහා වන වාර්තාව අද සම කළේය.

ඒ, එංගලන්තයට එරෙහි අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී ය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්.

එංගලන්ත – ඔස්ට්‍රේලියා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය තුන්වැනි දිනටත් සිඩ්නිහිදී අද පැවැත්විය.

එහිදී ඔස්ට්‍රේලියා පළමු ඉනිම වෙනුවෙන් නායක ස්ටීවන් ස්මිත් ලකුනු 83ක් රැස් කළේ ටෙස්ට් ලකුණු 6,000 සීමාව ද පසු කරමිනි.

ටෙස්ට් ක්‍රිකට් ලකුණු 6,000 සීමාව පසු කළ ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තව දුරට ත් පෙරමුණේ රැඳී සිටී.

 ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබස්