Gossips

උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඒ පිළිබදව තමන් වෙත නිළ නොවන මට්ටමින් දැනුවත් කිරීමක් සිදුකර ඇති බවයි.
උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඩුබායි බලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මුලින්ම වරෙන්තුවක් නිකුත් කළේ 2016 වසරේ ඔක්තෝම්බර් 20 වන දායි.
2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබෙනවා.
චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 16 වන දා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කළා.