Gossips

මොරටුවේදී නාගරික මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

මොරටුව මහනගර සභාව සඳහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කොට නගර සභාවට තේරී පත්වූ සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයාට ඊයේ (26) රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරියක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
එගොඩඋයන – සොබාදහම් මාවතේ නිවසෙහි රැදී සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පොදුජන පෙරමුණේ කටුකුරුන්ද ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ඊයේ (26) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් ද කාන්තාවන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.