Gossips

ශ්‍රී දේවිගේ මරණයෙන් පසුව නිවසේ සිදුවූ දේ සමාජ මාධ්‍ය කළඹමින් එළියට එයි

හින්දි සිනමාවේ සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ හදිසි වියෝවෙන් අනතුරුව ඇයගේ පවුල වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මේ අතර නැවත වරක් ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත මෙලෙස අවධානය යොමුව ඇත්තේ එම නිවසේ පැවති සාදයක් සමඟයි.
ශ්‍රී දේවිගේ හදිසි වියෝවෙන් මාසයක කාලයක් ගතවීමටත් පෙර මෙලෙස උත්සවය පවත්වා ඇත්තේ ඇයගේ වැඩිමහල් දියණිය වන ජාන්වි කපූර්ගේ උපන් දිනය සැමරීම සඳහායි.
මෙලෙස ඇය 21 වන උපන් දිනය සැමරීමත් සමඟ ඉන්දියාව් පුරා ඒ පිළිබඳව විශේෂ කතාබහක් ඇතිව තිබෙනවා.
එම උත්සවයට ජාන්වි කපූර් පවුලේ සොයුරියන් එක්කරගෙන තිබීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත් එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක්කිරීමත් සමඟ බොහෝ දෙනෙක් එය විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවයෙන් පසුව ඔවුන්ගේ පවුලේ සොහොයුරියන් එක්වූ පළමු අවස්ථාවද මෙය බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවට එක්ව සිටි අනෙක් අයද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
පසුගිය මාර්තු 6 වැනි දින 21 වැනි වියට පා තැබූ ජාන්වි කපූර් ඇගේ මව ගැන ඉතාම සංවේදී සටහනක් ට්විටර් වෙබ් අඩවියේත් පළ කර තිබීමත් විශේෂත්වයක්.