Gossips

ශිෂ්‍යාවක් අපයෝජනය කළ සිව්දෙනාට ලබාදුන් අමුතුම දඬුවම

මරණ තර්ජනය කරමින් තරුණියක් අපයෝජනය කළ තරුණයන් සිව්දෙනෙකුට ලබාදුන් අමුතුම දඬුවමක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
විද්‍යාලයේ වැඩිමල් ශිෂ්‍යයෙක් විසින් දුරකථන ඇමතුමක් මාර්ගයෙන් නවාතැන්පොළකට කැඳවා පසුව සිය මිතුරන් තිදෙනෙකු සමඟ එක්ව තමන් අපයෝජනය කළ බවයි පොලිසියට පවසා ඇත්තේ.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ 20 හැවිරිදි තරුණියක්.
පසුව හෝරාවක් ඇතුලත පොලිසිය විසින් එම සැකකාර තරුණයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔවුන් වයස අවුරුදු 21 ත් 26 ත් අතර පසුවන තරුණයන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ඉන් අනතුරුව ඉන්දියාවේ ජනාකීර්ණ මාර්ගයක් ඔස්සේ සැකකරුවන් රැගෙනගොස් තිබෙනවා.
එහිදී කාන්තාවන් මෙන්ම කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් එම තරුණයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එම අවස්ථාව පහතින්.