Gossips

උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි බවට තොරතුරු

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, දුම්රියකින් චීනයේ බීජිං නුවර වෙත පැමිණ ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කළා.
ඒ, උතුරු කොරියාවේ සිට විශේෂිත දුම්රියක් පැමිණීම සහ එය ආචාර පෙළපාලියකින් පිළිගැනීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
තහවුරු වුවහොත් එය උතුරු කොරියානු නායකයා 2011 වසරේ බලයට පැමිණීමෙන් පසු චීනයට පැමිණෙන ප්‍රථම අවස්ථාවයි.
උතුරු කොරියාව මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා.
එමෙන්ම දකුණු කොරියාව සමඟ ද ලබන මාසයේ සමුළුවක් පැවැත්වීමට ද උතුරු කොරියාව එකඟ වුණා.
එම සිදුවීම පිළිබදව තම හිතවතා වන චීනය දැනුවත් කිරීම කිම් ජොං අන්ගේ චීන චාරිකාවේ අරමුණ බව විශ්වාස කෙරෙනවා.