Gossips

විදේශීය කාන්තාවකට අතවර කළ සූපවේදියෙකු අත්අඩංගුවට

බදුල්ල – ඇල්ල ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට අතවර කළ සංචාරක හෝටලයක සූපවේදියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අබුඩාබියේ සිට පැමිණි එම සංචාරක කාන්තාව ඊයේ (27) ඇල්ල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී සැකකරු විසින් ඇයව ත්‍රිරෝද රථයකට නංවාගෙන මෙලෙස අතවර කර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
අනතුරුව ඇය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර 28 හැවිරිදි සූපවේදියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන් සේවය කළ අවන්හලේ ත්‍රිරෝද රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ඔහු මෙම අතවරය සිදුකර ඇති බව සඳහන්.