Gossips

රාජ්‍ය ඇමති පාලිත රංගේගෙන් අනතුරු ඇඟවීමක්

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුනොවන්නේ නම්, අප්‍රේල් 04 වන දා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එදිනට සහභාගි නොවීමට කටයුතු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ ආනමඩුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවයට ඊයේ (26) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.