Gossips

සජින් ද වාස් ගුණවර්ධනගෙන් පොලීසිය ප්‍රකාශයක් ගනී

රජයට වාහන මිලදී ගැනීමේදී රුපියල් කෝටි දෙකක පාඩුවක් සිදුකළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඊයේ (26) පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ එවකට හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු සහ අතිරේක ලේකම්වරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන්ගෙන් හෙළි වූ කරුණුවලට අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.