Gossips

පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු කණ්ඩයමට තවත් චෝදනාවක්

පසුගියදා නිමාවට පත්වූ අළුබඳුන තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩයම පන්දුව පළුදු කළ බවට සැකයක් පවතින බව එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවඩ් බ්‍රෝඩ් පවසනවා.
දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයකදී ඕස්ට්‍රේලියානු කණ්ඩයම පන්දුව පළුදු කිරීම බවට එල්ලවූ චෝදනා ඔප්පුවිමත් සමඟ ස්ටුවඩ් බ්‍රෝඩ් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.
අළු බඳුන තරඟාවලියේ 05 වන සහ අවසන් ටෙස්ට් තරඟයේ අවසන් දිනයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පිටියට පිවිසීමට පෙර ක්‍රීඩාගාරයේ සිටි, දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයකදී පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් සීනි හැදි කිහිපයක් සිය කලිසමේ වම් සාක්කුවට දමා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ස්ටුවඩ් බ්‍රෝඩ් මෙම චෝදනාව එල්ල කිරීමට ප්‍රධාන සාධකයක්ද වනවා.
බ්‍රෝඩ් වැඩිදුරටත් පවසන්නේ සීනි යොදාගෙන පන්දුව ඔපදැමීම තුලින් පන්දුවේ වැඩි දෝලනයක් ලබාගත හැකි බවයි.
අළුබඳුන තරඟාවලිය පුරාවට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ පන්දුවල වැඩි දෝලනයක් පැවති බවද ඔහු තවදුරටත් පවසා සිටිනවා.
දෙරට අතර පැවති අළුබඳුන තරඟාවලිය තරඟ හතරට බිංදුවක් ලෙස විශිෂ්ඨ ජයක් ලබන්නට ඕස්ට්‍රේලියා සමත් වුණා.
මේ අතර පන්දුව පළුදු කිරීමේ සැලසුම් පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර්ට මෙන්ම පුහුණුකරු ඩැරන් ලේමන්ට් ට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් වැඩිදුර ක්‍රියාමාර්ගවලට යොමු ව ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.