Gossips

හදිස්සියේම ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව සලකා බැලීම ජූලි මස 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ, මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවේ අද (26) කැඳවූ අවස්ථාවේදියි.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇති අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
අදාළ නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රටේ දේශපාලන අස්ථාවරභාවයට විදේශ බලවේග හේතුවී ඇති බවයි.
මේ අතර පාතාලය මැඩලීම සදහා පැවති ක්‍රමවේදය වෙනස් කිරීම හේතුවෙන් පාතාලය යළි හිස ඔසවා ඇති බවද එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා.