Gossips

ලංකා ඉන්ධන පිරවුම්හල්වල තෙල් මිල වෙනස්වීම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

අවශ්‍ය පරිදි තෙල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත වැඩි වශයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් පැමිණෙනු දක්නට ලැබුණා.
මේ අතර, ලංකා අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල වැඩි කළත්, පවතින මිලටම ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධික මුදලක් වැය කොට ජනතාවට සහන ලබාදීමේ අරමුණින් පැරණි මිලටම ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බවයි.