Gossips

ක්‍රිකට් පිටිය රත්කරමින් පිටිය මැද ගැටුමක්

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමග 28වන වරට පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 5කින් ජයගන්නට මහනුවර ධර්මරාජ විද්‍යාලය ඊයේ සමත්වුනා.
පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ධර්මරාජය පන්දුවාර 50තුල කඩුලු 7ක් දැවී ලකුණු 214ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කිංග්ස්වුඩ් විද්‍යාලය පන්දුවාර 48යි එක්පන්දුවක් තුල සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංක්‍යාව 209ක්.
තරගයෙන් අනතුරුව දෙපාර්ශවයේම ක්‍රීඩාලෝලීන් අතර උණුසුම් තත්වයක්ද ඇතිවුනා.
මේ අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සමග 12වන වරට පැවති වාර්ෂික එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 2කින් ජය ගන්නට කොළඹ මහානාම විද්‍යාලය ඊයේ සමත්වුනා.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුව පහරදුන් ඩී.එස්.ක්‍රීඩකයින් පන්දුවාර 50තුල සියල්ලන් දැවී ලකුණු 236ක්
රැස්කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මහානාම ක්‍රීඩකයින් 47වන පන්දුවාරයේදී අයහපත් ආලෝකය නිසා තරගය නතරකරනවිට කඩුලු 5ක් දැවී ලකුණු 213ක් ලබාගෙන සිටියා.
නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සදහා ඔවුන් ඒ වනවිට ලබාගත යුතුව තිබුනේ ලකුණු 211ක් පමණයි.
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර සර්වේසස් විද්‍යාලය අතර 118වන වරට පැවති රුහුණු නිල්මහා සටන ක්‍රිකට් තරගය මෙවර ජයපරාජයෙන් තොරව නිමාවුනා.
තරගය දින තුනක් පුරා පැවැත්වුනේ මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය සමග 38වන වරට පැවති වාර්ෂික එක්දින තරගය ලකුණු 149කින් ජය ගන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත් වුනා.
ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ත්‍රිත්ව ක්‍රීඩකයින් පන්දුවාර 50තුල කඩුලු 7ක් දැවී ලකුණු 305ක්
ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල අන්තෝනි ක්‍රීඩකයින්ට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 156ක් පමණයි.