Gossips

මුෂාරෆ්ට ආරක්ෂාව ලබාදීම, පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයි

නැවත සිය රට පැමිණීම සඳහා හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ඉල්ලා සිටි විශේෂ ආරක්ෂාව ලබාදීම පාකිස්ථාන රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය ඒ බව ඩුබායි හි සිටින හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ එහි සිටින පාකිස්ථාන කොන්සල්වරයා මාර්ගයෙන්.
රාජද්‍රෝහි චෝදනා යටතේ ගොනුකර ඇති නඩුුවකට පෙනී සිටීම සඳහා පාකිස්ථානයට පැමිණීමට හිටපු ජනාධිපති මුෂාරෆ් මෙලෙස ආරක්ෂාව ඉල්ලා සිටියා.
කෙසේ නමුත්, පාකිස්ථාන රජය ප්‍රකාශ කර ඇත්තේ එය තමන්ට අයත් කාර්යයක් නොවන බවයි.