Gossips

තෙල් සහ ගෑස් ගවේෂණයට අලුතින් ටෙන්ඩර් කැදවයි

උතුරු මුහුදේ මන්නාරම් සහ කාවේරි බොක්කේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව ටෙන්ඩර් කැදවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට නුදුරේදීම අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.
ඒ අනුව උතුරු මුහුදේ තෙල් ගවේෂණ ටෙන්ඩර් කැදවීමට මැයි මාසය මුල් සතියේදී සිදුකෙරෙනු ඇති. නව තෙල් නිධි ගවේෂණයට මෙන්ම කෙයාන් ඉන්දියා සමාගම මගින් මන්නාරම් බොක්කෙන් සොයා ගත් ගෑස් නිධි සංවර්ධනය කිරීම සඳහා ද මෙලෙස සුදුස්සන්ගෙන් අයදුම් කැදවීමට නියමිතයි.