Sports

සිම්බාබ්වේ පරාජය කළ බංග්ලාදේශය තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි

සිම්බාබ්වේ පරාජය කළ බංග්ලාදේශය තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි
සිම්බාබ්වේ පරාජය කළ බංග්ලාදේශය තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි

ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඩකාහිදී ආරම්භ විය.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එහි පළමු තරගය බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ කඩුලු 8 කිනි.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්ටාසා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 170කි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙනිස් එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කළ සිකන්ද රාසා ලකුණු 52 ක් රැස් කර ඇත.

සිම්බාබ්වේ ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 39 ක් තුළදී බිඳ වැටිණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් වෙනුවෙන් බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ තමීම් ඉක්බාල් සමඟින් අනමුල් හක් ය.

පළමු කඩුල්ල ලෙස අනමුල් හක් ලකුණු 19 කට දැවී ගියේ ය.