Gossips

වියට්නාම – ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් වියට්නාම පාර්ලිමේන්තු කථානායකවරිය වන නුයෙන් තී කිම් සහ කථානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුව අතරතුරයි මෙම සාකච්ඡාව සිදුවී ඇත්තේ.
එහිදී වියට්නාම කථානායකවරිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කරලීමට සෑම සහයක්ම ලබාදීමට වියට්නාමය කටයුතු කරන බවයි.