Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි

පොළොන්නරුව – අරලගංවිල මහදමන ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (26) අලූයම කුඹුරේ සිට අස්වනු නෙලීම සඳහා බඩඉරිඟු වගා කළ ඉඩමට යමින් සිටියදියි මොහු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
එහිදී බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි අරලගංවිල – මහදමන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.