Gossips

වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට පහරදුන් 03 දෙනෙකු අත්අඩංගුවට

බේරුවල – පත්තකඬේ ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවසක නීති විරෝධී දුම්වැටි සගවා ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය නිලධාරීන්ට මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ (25) දිනයේයි.
ඉන් තුවාල ලැබූ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු පානදුර රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙරද දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බවයි පොලීසිය සඳහන් කළේ.