Gossips

රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 37ක් මරුට

රුසියාවට අයත් සයිබීරියානු නගරයක් වන කෙමරෝවෝ හි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයන් 37 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ දරුවන් ඇතුලු තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
වින්ටර් චෙරි නැමති මෙම සාප්පු සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන ඇති අතර, ඊට ගොදුරු වූ වැඩිදෙනා සිනමාශාලා තුළ චිත්‍රපට නරඹමින් සිටි පිරිස බවයි වාර්තාවන්නේ.
රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝමීටර 3600 ක් නැගෙනහිරින් පිහිටි කෙමරෝවෝ නගරය ප්‍රධාන පෙළේ ගල් අඟුරු නිෂ්පාදනය කරන ප්‍රදේශයක් වනවා.