Gossips

මන්ද මානසික තරුණියක් දූෂණය කළ ආණමඩුවේ තරුණයා

නිවසක තනිවම සිටි වයස අවුරුදු 20 ක් වන මන්ද මානසික තරුණියක් දූෂණය කළ බව කියන තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව – තෝණිගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්.
ඔහු අවිවාහකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
අතවරයට පත්ව ඇති තරුණිය ඇයගේ මව සමග ජීවත් වී තිබෙනවා.
මව කුලී වැඩට යන අතර කාලයේ තරුණිය නිවසේ තනිවම වාසය කර තිබෙනවා.
එසේ තරුණිය නිවසේ තනිවම සිටිනා විට පැමිණ ඇති සැකකරු ඇයට අතවර කර පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පසුව මේ බව දැන ගෙන ඇති තරුණියගේ මව විසින් සිද්ධිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
අතවරයට පත්ව ඇති තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමට නියමිතයි.