Sports

හතුරුගේ පරණ ගෝලයින්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 321ක දැවැන්ත ඉලක්කයක්

හතුරුගේ පරණ ගෝලයින්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 321ක දැවැන්ත ඉලක්කයක්
හතුරුගේ පරණ ගෝලයින්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 321ක දැවැන්ත ඉලක්කයක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ඩකාහිදී පැවැත්වේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් ලකුණු 320ක් ලබා ගැනීමට සමත් විය.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගි නොවන බැවින් දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

බංග්ලාදේශ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 71කි.

අනමුල් හක් රැස් කළ ලකුණු සංඛ්‍යාව 35 කි.

ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් සිය එක්දින දිවියේ 40 වන අර්ධ ශතකය වාර්තා කරමින් දැවී ගියේ ලකුණු 84 ක් රැස් කරගෙන සිටියදී ය.

තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සිය එක්දින දිවියේ 36 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණූ 67 කට දැවී ගියේය.

තිසර පෙරේරා පන්දුවාර 9කදී ලකුණු 60කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන පුහුණකරු චන්දික හතුරුසිංහ මහතා විසින් මීට පෙර සිය පුහුණුකරු ධුරය දැරු කණ්ඩායම වීම ද විශේෂත්වයකි.