Gossips

රොයිස් ප්‍රනාන්දුට නිමල් ලන්සාගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂ මීගමුව සංවිධායක රොයිස් ප්‍රනාන්දු රටටම දන්නා ප්‍රධාන පෙළේ මංකොල්ලකරුවෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා චෝදනා කරනවා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ ඊයේ (24) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රොයිස් ප්‍රනාන්දු එල්ල කළ චෝදනාවකට පිළිතුරු ලෙසයි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රොයිස් ප්‍රනාන්දු කියා සිටියේ මීගමුව මහනගර සභාවේ නගරාධිපති තනතුර ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ සොහොයුරු දයාන් ලන්සා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදී ඇති බවටයි.