Gossips

රටේ ස්වාධීනත්වය ගැන අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන්ගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තරයට අනුගත වී කටයුතු කිරීමට යාමෙන් ශ්‍රී ලංකාව සිය ස්වාධීනත්වය අහිමි කරගෙන ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.
උන්වහන්සේ බැහැදැකීම සඳහා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පැමිණි අවස්ථාවේදී මේ බව කියා සිටියේ.
ඉන් අනතුරුව පොදුජන පෙරමුණේ සභාපතිවරයා, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද බැහැදුටුවා.
එහිදි උන්වහන්සේ කියා සිටියේ රටේ අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය විදේශීය බලවේග වලට වාසි සහගත වි ඇති බවයි.