Gossips

වේයන්ගොඩ වෙල්යායක තිබී තරුණියකගේ සිරුරක් සොයාගැනේ (ඡායාරූප)

වේයන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ තරුණියකගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.
ප්‍රදේශවාසියෙකු අද උදෑසන එම මළ සිරුර දැක පොලීසියට දැනුම්දීමෙන් අනතුරුවයි අදාළ මළ සිරුර සොයාගෙන ඇත්තේ.
ඇගේ සිරුරේ කැපුම් තුවාල තිබී ඇති අතර, ඇය ඝාතනය කර මෙම ස්ථානයට රැගෙනවිත් දමන්නට ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.
මෙම තරුණිය වෙනත් ප්‍රදේශයක සිට වේයන්ගොඩ ප්‍රදේශයට රැකියාවකට පැමිණ ඇති බවටද මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.