Gossips

විදේශ මුදල් සඟවාගෙන සිටි ගුවන් තොටුපල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 41 ක් වටිනා සෞදි රියාල් 500 නෝට්ටු 200 ක් තම පාවහන් තුළ සඟවාගෙන සිටි කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු රේගුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මීගමුව – කුරණ ප්‍රදේශයේ පදිංචි මොහු මෙලෙස විදේශ මුදල් සඟවාගෙන සිට ඇත්තේ වෙනත් ජාවාරම්කරුවෙකුට ලබාදී නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමට බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මකයි.