Gossips

ෆේස්බුක් දත්ත සොරාගත්තේදැයි ඉන්දියාව විමසයි

ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් දත්ත මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා එල්ලවන ලන්ඩනයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත ඉන්දියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රශ්නාවලියක් යොමුකර තිබෙනවා.
ඒ, එම සමාගම ඉන්දියානු පුරවැසියන්ගේ ෆේස්බුක් දත්ත කිසියම් කරුණකට ලබාගත්තේද යන්න විමසමින්.
අදාළ තොරතුරු ලබාගැනීම සඳහා ඉන්දීය රජය එම සමාගමට මාර්තු 31 වනදා දක්වා කල් ලබාදී ඇති බව සඳහන්.
කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ෆේස්බුක් පිටු අතරින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබාගත් මිලියන සංඛ්‍යාත දත්ත පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට චෝදනා එල්ලවනවා.