Gossips

ජීවිතය ඉල්ලා ඇමරිකානුවන් වීථි බසී

ෆ්ලොරිඩාවේ පාක්ලන්ඩ් හි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමයින් ඇතුලූ 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට විරෝධය පා ඇමරිකාව පුරා ඊයේ දැවැන්ත විරෝධතා රැළි පැවැත්වුණා.
ඒ, ඇමරිකාව තුළ ගිනි අවි පාලනයට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින්.
මෙම විරෝධතා රැළි නම් කර තිබුණේ ‘‘මාච් ෆෝ අවර් ලයිව්ස්’’ හෙවත් ‘‘අපේ ජීවිත වෙනුවෙන් චාරිකාවේ නිරතවෙමු’’ යන අදහසින්.
වොෂින්ටනයේ පැවති විරෝධතා රැළියට පාක්ලන්ඩ් වෙඩි තැබීමෙන් දිවි ගලවාගත් ශිෂ්‍යාවකද එක්වූ අතර, ආදරවන්තයන්ගේ දිනයේදී සිදුවූ වෙඩි තැබීමෙන් සිය පෙම්වතා මියගිය අයුරු ප්‍රකාශ කළේ ඊට එක්රැස්වූවන්ගේ දෙනෙත්වලට කඳුළු එක් කරමින්.
වෙඩි තැබීමට ගතවූ විනාඩි 6 යි තත්පර විස්සක කාලයක නිහඩතාවක්ද ඇය එහිදී පළ කළා.
ගිනි අවි භාවිතයට එරෙහි ඇමරිකානු විරෝධතා රැළිවලට සහය පළ කරමින් එඩින්බරෝ, ලන්ඩන්, ජිනීවා, සිඞ්නි සහ ටෝකියෝ නගරවලද ඊයේ විරෝධතා රැළි සංවිධාන කර තිබුණා.