Gossips

කැළණි ගඟේ මැණික් ගැරූ 5 දෙනෙකු අත්අඩංගුවට

අවිස්සාවේල්ල – කුඩගම – දූව ප්‍රදේශයේදී කැළණි ගෙඟ් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් මැණික් ගැරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
ඔවුන් ඇහැලියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ අයකරගෙන මුදාහැර තිබෙනවා.