Gossips

අවභාවිත කළ භූමිතෙල් සහනාධාරය

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පිහිටි ධීවර සංස්ථාවට අයත් ඉන්ධන තොග ගබඩාවෙන් සිදු කෙරෙන්නේ ධීවරයන්ට ලීටරයකින් රුපියල් 44 ක සහනදායී මිලට භූමිතෙල් නිකුත් කිරීම පමණයි.
එහෙත් කළක පටන් පෞද්ගලික ලොරි සහ බස් රථවලට ලීටරයක් රුපියල් 50 බැගින් අයකරමින් නීති විරෝධී ලෙස භූමිතෙල් නිකුත් කරනා බවට හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණා.
එම තොරතුරු අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ විමර්ශන ඒකකය සමඟ එක්ව හිරු සී.අයි.ඒ දින ගණනාවක් මෙම ස්ථානය නිරීක්ෂණය කළා.
ඒ අනුව ලොරි රථයකට ඉන්ධන නිකුත් කරනා අවස්ථාවේදි කින්නියා පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේද සහය ඇතිව ඉන්ධන ගබඩාව වටලනු ලැබුවා.
විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් මෙම ඉන්ධන ගබඩාවේ තිබූ සියලු ඉන්ධන තොග පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට මුද්‍රා තබනු ලැබුවා.
පසුගිය කාලය පුරා සිදු වූ මෙම ඉන්ධන වංචාව පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.