Gossips

ශාන්ත ජෝශප් කණ්ඩායමට ජයක්

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජොශප් විද්‍යාලය අතර සීමිත ඕවර ක්‍රිකට් තරගය ජය ගැනීමට ජෝශප් විද්‍යාලයීය කණ්ඩායම අද (24) සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 49 යි පන්දු 2 කදී සියලූදෙනා දැවී ලකුණු 259 ක් රැස් කළා.
ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමට පන්දුවාර 38 යි පන්දු 4 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 172 ක් පමණයි.
මේ අතර, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවති සීමිත ඕවර ක්‍රිකට් තරගය කඩුලූ 6 කින් ජය ගත්තේ රිච්මන්ඞ් විද්‍යාලයීය කණ්ඩායමයි.