තලවකැලේ – රත්මිල්ල කැලේ තේ වතුයායේ නීති විරෝධී ලෙස මුදල් ඔට්ටු තැබීමේ සූදු පොලක් පවත්වාගෙන ගිය සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ දස දහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
තලවකැලේ, ලිදුල, කොටගල සහ හැටන් ප්රදේශවල පදිංචි මෙම සැකකරුවන් කලක පටන් මෙලෙස සූදු පොල පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් නුවරඑළිය මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.