තුන්කොන් සටනේ ශ්‍රී ලංකා – බංග්ලාදේශය අවසන් මහා තරගය අදයි
තුන්කොන් සටනේ ශ්‍රී ලංකා – බංග්ලාදේශය අවසන් මහා තරගය අදයි
සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද මීර්පූර්හී ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරගාවලියේ ආරම්භක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ අනාමුල් හක් වෙනුවට ඉම්රුල් කායිස් බංග්ලාදේශ කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව ය.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30 ට ආරම්භ වේ.
දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ සහභාගි වූ අවසන් තරග දෙකම ජයග්‍රහණය කිරීමත් සමගම අද පැවැත්වෙන තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරග 43ක් පවත්වා ඇති අතර ඉන් තරග 35ක ජය ශ්‍රී ලංකාව හිමි කරගනෙ ඇති අතර තරග 6ක් බංග්ලාදේශය ජයගෙන තිබේ.
තරග 2ක් විසඳුමක් නොමැතිව අවසන් වී ඇත.