Gossips

පිටරටදී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ දිවයිනට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

විදේශ රටකදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී ලබාදිය යුතු ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා.
ඊට අදාළව මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශ, අනන්‍යතා ලේඛන හා අනෙකුත් ලියකියවිලි මෙලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
මීට පෙර එම ලියකියවිලි කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියලර් අංශය වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණා.