Gossips

කිරිපිටි මිල වැඩි කිරීමට අනුමැතිය

කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි මිල වැඩි කරන ලෙසට කිරිපිටි ආනයනය කර බෙදා හරින සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා සිටියා.
ඒ අනුව මේ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් වන තීරණය ඊයේ (23) පාරිභෝගික අධිකාරියට ලැබුණු බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද සඳහන් කළා.
ළදරු කිරිපිටි හැර අනෙකුත් සියලූම කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීමටයි ජීවන වියදම් කම්ටුව මෙහිදී අනුමැතිය ලබාදී ඇත්තේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට හැකි වනු ඇති බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජිවානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
එමෙන්ම ගෑස් මිල වැඩි කරන ලෙසට ද අදාළ සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කළ ද, ඊට ජීවන වියදම් කමිටුව අවසර ලබා දී නොමැති බවයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී . ජීවානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.