Gossips

බදුල්ල – පස්සර මාර්ගයේ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලේ

බදුල්ල – පස්සර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ඊයේ (23) රාත්‍රියේ පස්සර – 9 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරෙන් තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ත්‍රිරෝද රථය පැදවූ බවට සැක කෙරෙන පුද්ගලයා අනතුර සිදුවන අවස්ථාවේ පළා ගොස් ඇති බවයි පස්සර පොලීසිය සඳහන් කළේ.