Gossips

දුම්රිය ගාස්තු වැඩි කිරිම අධ්‍යයන කිරීමට පංච පුද්ගල කම්ටුවක්

දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි කිරීම සඳහා නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම විසින් මෙම කමිටුව පත් කර ඇති අතර, එහි සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විජය සමරසිංහයි.
එහි අනෙකුත් සාමාජිකයින් ලෙස දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න, නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ටී, ඉදිපොළගේ, ප්‍රධාන ගණකාධිකාරීවරයා සහ සහකාර වාණිජ අධිකාරීවරයා නම් කර තිබෙනවා.
2008 වසරෙන් පසු දුම්රිය ගාස්තු වැඩිවිමක් සිදු නොවනු අතර ඒ හේතුවෙන් මෙලෙස දුම්රිය ගාස්තු වැඩි කිරිම සඳහා කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම හිරු ප්‍රවාත්ති අංශයට කියා සිටියේ.
ඒ අනුව එළෙඹෙන අලූත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු වැඩි වනු ඇති.