බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට දකුණෙන් වූ හමේලින් බොක්කේ වෙරළ තීරයට හදිසියේ රොක් වූ තල් මසුන් 150කට වැඩි සංඛ්‍යාවක් අතරින් 140ක්ම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සාගරයේ ක්ෂීරපායීන් වන මෙම තල් මසුන් අතරින් නැවතත් මුහුදට යොමු කිරීමට හැකි වී ඇත්තේ 10කට අඩු සංඛ්‍යාවක්.
ඩොල්ෆින් මත්ස්‍යයන්ට සමාන නියමු තල් මසුන් පිරිසක් මෙලෙස සමූහ වශයෙන් මිය ගොස් ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඇන්ටාටිකා පෝෂණ භූමියේ සිට උණුසුම් උතුරු මුහුදු තීරය අතර මෙලෙස අතරමං වන තල් මසුන් සිටිය ද මෙතරම් විශාල සංඛ්‍යාවක් එක්වර වෙරළට පැමිණීම අසාමන්‍ය සිද්ධියක් ලෙසයි ජීව විද්‍යාඥයන් හඳුන්වන්නේ.