Gossips

අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

බගවන්තලාව – බොගවානා වතු යායේ අනවසරයෙන් මැණික් ඉල්ලම් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වැටලීම සිදුකරන අවස්ථාවේ ඔවුන් සතුව තිබී මැණික් ඉල්ලම් මළු 35ක් සහ මැණික් ගැරීමට යොදා ගත් උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගත් බවයි.
මෙම ජාවාරම්කරුවන් මැණික් ඉල්ලම් හාරා එම ඉල්ලම් කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක සෝදා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )